මාස්ක් නැත්නම් ඉන්ධන නෑ හැටන් පිරවුම්හල්වලින් රියැදුරන්ට කොන්දේසියක්

79

මුඛ ආවරණ නොපැළඳ පැමිණෙන රියැදුරන්ට හැටන් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් මින් ඉදිරියට ඉන්ධන නිකුත් නොකිරීමට හැටන් පොලිසියේ නිලධාරීන් සහ ඉන්ධන පිරවුම්හල්වල සේවකයන් විසින් ඊයේ (27 දා) සිට පියවර ගෙන ඇත.

ජාතික ඉන්ධන නිකුත් කිරීමේ බලපත්‍රය අනුව හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් මගින් ඊයේ සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කළ අතර ජාතික ඉන්ධන නිකුත් කිරීමේ බලපත්‍රය ලබා ගැනීමට ලියාපදිංචි නොවූ අදාළ 6 7 8 9 අංක සහිත වාහනවල විස්තර සටහන් කරගෙන ඒ සඳහා අනුමත සීමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කිරීමට හැටන් ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් සේවකයන් පියවර ගෙන තිබුණි.

මුඛ ආවරණ පැළඳ ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ලෙස හැටන් පොලිසියේ නිලධාරීන් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර ගනිමින් රියැදුරන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment