රටෙන් පැන යන ඇෆ්ගන් ජාතිකයන් භාර ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා රටවලින් ඉල්ලයි

832

තලිබාන් අන්තවාදීන් විසින්  ඇෆ්ගනිස්ථානයේ සම්පූර්ණ පාලන බලය අල්ලා ගැනීමත් සමගම එරටින් පලා යන දහස් ගණනක් වන ඇෆ්ගන් ජාතිකයන්ට සිය රටවලට ඇතුළු වීමට අවස්ථාව සලසන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් විසින් ලොව සෙසු රටවලින් ඉල්ලා තිබේ. මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක්ම මෙසේ සිය රටින් පලා එන ඇෆ්ගන් ජාතිකයන් සිය රටවල පදිංචි කරවීමට කැමැත්ත පළ කර ඇති අතර ඒ යටතේ කැනඩාව ඇෆ්ගන් ජාතිකයන් 20,000ක් දක්වා වූ පිරිසක් භාර ගැනීමටත් අයර්ලන්තය මානුෂීය පදනම යටතේ ඇෆ්ගන් ජාතිකයන් 195 දෙනකු සරණාගතයන් වශයෙන් භාර ගැනීමටත් එකඟ වී තිබේ. ඇල්බේනියාව හා ඉරානය පලා එන ඇෆ්ගන් ජාතිකයන්ට තාවකාලික රැුකවරණය ලබා දීමට එකඟ වී ඇති අතර ප‍්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය හා චෙක් ජනරජය ද ඇෆ්ගන් ජාතිකයන් සරණාගතයන් ලෙස භාර ගැනීමට ඉදිරිපත්ව ඇත.

 එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් විසින් ඇෆ්ගන් ජාතිකයන් සිය රටේ නැවත පදිංචි කරවීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී ප‍්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇත. දශක ගණනාවක් මුළුල්ලේ සිය රටේ යුද්ධයකට මැදි වීමෙන් නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින ඇෆ්ගන් ජාතිකයන්ට අප සැමගේ පූර්ණ සහය අවශ්‍යව ඇති බවත් මේ ඔවුන්ට සහයෝගය දැක්විය යුතු කාලය බව පෙන්වා දී ඇති එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඔවුන් කුමන හෝ රටකට මෙම දිනවල පැමිණි විට රටෙන් නෙරපීමට උත්සාහ නොගන්නා ලෙස රටවලින් ඉල්ලීමක් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment