අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ ප්‍රතිශතය ඉහළට

192

වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව සජීවි දරු උපත් දහසකට 12.3 ක් වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ තිරසර දර්ශකයට අනුව වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව 2030 වර්ෂය වන විට සජීවි දරු උපත් දහසකට 07ක් වැනි අගයකට පවත්වා ගැනීමට ඉලක්ක කර තිබුණි. 2021 වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට දහසකට 10.5ක් පැවති එම අගය 2022 වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිට 12.3 වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම මාතෘ මරණ අනුපාතය ද සජීවි උපත් ලක්ෂයකට 29.5ක් වැනි අගයක් දක්වා ද, නවජ (මාසයට අඩු ළමයින්) මරණ අනුපාතය සජීවි උපත් දහසකට 6.8ක් දක්වා ද අහිතකර ලෙස වර්ධනය වෙමින් තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment