ජාතික පාසල් දහසක් වැඩසටහන ඇරැඹෙයි

107

‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ තවත් එක් පියවරක් කි‍්‍රයාත්මක කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම ඊයේ (07 දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මේ වනවිට පැවති ජාතික පාසල් සංඛ්‍යාව 374 කි. එය සමස්ත පාසල් සංඛ්‍යාවෙන් 3.6% ක් වේ. ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායකයන් සැලකිල්ලට ගෙන විද්‍යාත්මක ක‍්‍රමවේදයකින් තෝරාගත් පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment