ආණ්ඩුව EPF එකට අත තිබ්බොත් උසාවි යනවා – ජී. එල්. පීරිස්

142

රජය සේවක අර්ථසාධක අරමුදල අවප්‍රමාණයකට සැලසුම් කළහොත් එයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස ජනතා සභාවේ සාමාජික පර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (8 දා) පැවසීය.

තව සති දෙකකින් ෂඵත්‍ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, ඔවුන් හමුවී වංචා දූෂණ පිළිබඳව සාකච්ඡා කරන බවත්, ඊයේ නිදහස ජනතා සභාව කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ජී. එල්. පීරිස් මහතා පැවසීය

ඉදිරියේදී රටේ බදුබර දෙගුණයකින් වැඩිවන බවත් එම බර ජනතාවට දරන්නට සිදුවන බවත් පැවසූ ඒ මහතා අපේ රටේ දරුවන්ගෙන් තුනෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ද කීවේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළහොත් බැංකු පද්ධතිය මෙන්ම කොටස් වෙළෙඳපොළ ද කඩාවැටී මුදලේ අගය අවප්‍රමාණය වන බවත් පාර්ලිමේන්තුවේ මහජන මුදල් කමිටුවේ සභාපති ධුරය ලබාදිය යුත්තේ විපක්‍ෂයට මිස ආණ්ඩුවට නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment