හමුදාවේ අයට පිටරටදී නඩු දාන්න එජා. සංවිධානයෙන් බිලියන 1.2 ක්

169

යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට විදෙස් රටවලදී නඩු ගොනු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පස්වැනි මුදල් කමිටුව 2033 වසර සඳහා ඩොලර් මිලියන 3.4 ක් හෙවත් රුපියල් බිලියන 1.2 ක් අනුමත කර ඇත.

ශ්‍රී ලංකාව ආර්ථික ලෙස ඩොලර් හිඟයකට මුහුණපා ඇති අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් වූ ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමට මෙපමණ විශාල මුදලක් වෙන්කළ මුල් අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා රජය මෙම මුදල් අනුමත කිරීම එකහෙළාම ප්‍රතික්ෂේප කරමින් දැඩි විරෝධය දක්වා තිබේ.

මෙම මුදල් වෙන්කර ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයටය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පස්වැනි මුදල් කමිටුවට සහභාගි වූ ශ්‍රී ලංකා නියෝජිතයා සාමාජික රටකට දඬුවම් කිරීම සඳහා මුදල් වෙන් කිරීම සංවිධානයේ මැන්ඩේට් බලය ඉක්මවා යෑමක් බව දක්වා තිබේ.

මේ අතර 2024 වසරේදී යුද අපරාධ චෝදනා නඩු ඉදිරියට ගෙනයෑම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඩොලර් මිලියන 2.13 ක අමතර මුදලක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment