වාහනයේ අංකය අනුව ඉන්ධන දීමේ නව ක්‍රමයක් දත්ත ඇතුළත් ඇප් එකක් එයි

839

වාහනයේ අංකයට අදාළව ඉන්ධන නිකුත් කරන ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ඉන්ධන එක්රැස්කිරීම නවතාලීම සඳහා මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙයි.

ත්‍රිරෝද, මෝටර් රථ, ලොරි රථ, ඇතුළු වාහන වර්ග අනුව වෙන්කර එම වාහනවලට සතියක කාලයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මේ වනවිට ඊට අදාළ දත්තයන් ඇතුළත් කරමින් අන්තර්ජාල යෙදුමක් (ඇප් එකක්) සකස් කරමින් තිබෙන බවත්, එක් වාහනයක් ඕනෑම ඉන්ධන හලකින් ඉන්ධන ලබාගැනීමට

ගියහොත් එම අංකය හිමි වාහනයට ඉන්ධන නිකුත් කර තිබෙන වාර්තාව ඉන්ධන හලට පරිගණක ආශ්‍රයෙන් දැකගත හැකි බවත් ඔහු කීය.

මෙහිදී ත්‍රිරෝද රථයක් නම් එය කුලී රථයක් ද නිවසක පාවිච්චි කරන එකක් ද කියා දැනගැනීම ඇතුළු තොරතුරු ලබාගෙන ඇප් එක හඳුන්වාදීමට කටයුතු කරගෙන යයි. බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවලින් ඉන්ධන ලබාදීමට මෙම ක්‍රමවේදය මගින් අදහස් කර තිබෙන බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment