සෙන්ටිග්‍රේඩ්ස්ලාව සරාගී දඟකාරියෝ ටිකක් වටකර ගනී

98

අපි පරණ නෑ: – අවුරුදු විස්සට අලුත් වැඩ ගොඩයි

තාරුණ්‍යයට වෙනස්ම ආමන්ත්‍රණයක් කළ බෑන්ඩ් එකක් තමයි සෙන්ටිගේඩ්ස් කියන්නේ. රන්වන්මල්දම්” කොටුව” දිවුරලා පවසන්නම්” රූසිරි හෙලෝ” හෙලෝ” නගෝ ඔවුන්ගේ ජනප්‍රිය වුණ ගීත කිහිපයක් පමණි. සෙන්ටි්‍රග්‍රේඩ්ස්ලා දැන් මේ වැඩේ පටන් අරගෙන අවුරුදු විස්සක් වෙනවා. පසුගිය කාලයේ කිසි සද්ද බද්දයක් නැතිව ඉඳපු මොවුන් අලුත්ම වැඩක් පටන් අරගෙන. ඔය අතරේ උපන් දිනයටත් එයාලගේ රසිකයන්ට අලුත්ම තෑග්ගක් තලිණ කරන්නයි හදන්නේ. ඉතින් ඒ ගැන දැන ගත්ත අපි සෙන්ටි්‍රගේඩ්ස්ලාගේ තුසිත් නිරෝෂන්ට කතා කළා.

● කාලෙකට පස්සෙ සෙන්ටිග්‍රේඩ්ස්ලාගේ “දඟකාරි” කියලා වැඩක් එනවා නේද?

ඔව්. කාලෙකට පස්සේ සෙන්ටිගේඩ්ස්ලා ‘දඟකාරි. කියලා ගීතයක් එළිදැක්වූවා. අපි ඒක තව විදිහකට ‘හිත ඔබ ගාව රැඳුණේ. කියලාත් දැම්මා. මේක කාලෙකට පස්සේ එන සෙන්ටිග්‍රේඩ්ස් වයිබ් එකේ වැඩක් කිව්වොත් හරි.

සෙන්ටිග්‍රේඩ්ස්ලාව සරාගී දඟකාරියෝ ටිකක් වටකර ගනී

● පද රචනය” සංගීතය ගැනත් කතා කළොත්?

සංගීතය සුපුරුදු පරිදි මගේ” තුසිත් නිරෝෂන්ගේ” මෙහි පද රචනයත් මම ම තමයි. මම කවදාවත් පද රචනය කරන්නේ නැහැ. නමුත් මේ ගීතය හරහා පළමු වතාවට මම පද රචනය කළා. මම අපේ සමහර නිර්මාණවලට එහෙන් මෙහෙන් පද රචනයෙන් සම්බන්ධ වෙලා තිබෙනවා.

● ‘දඟකාරී. ට ලැබෙන ප්‍රතිචාර?

කාලෙකට පස්සේ අපේ ම වයිබ් එකක් විදිහට එළිදක්වන වැඩක්. අපි හිටපු රසිකයෝ වගේම අලුත් රසිකයෝ පිරිසකුත් එකතු වෙලා තිබෙනවා.

සෙන්ටිග්‍රේඩ්ස් සවුන්ඩ් එකක් ආපහු හම්බ වුණා කියලා ගොඩක් දෙනෙක් කියනවා.

ඇත්තටම ‘සෙන්ටිග්‍රේඩ්ස්ලා.‘ කොහේද ගිහිල්ලා හිටියේ?

ගිය අවුරුද්ද පුරා ම අපිට එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම විදෙස් සංචාර කිහිපයකුත් ලැබුණා. ගිය අවුරුද්දේ අපේ නිර්මාණ වැඩිය එළිදැක්වූයේ නැහැ.

● දැන් සෙන්ටිග්‍රේඩ්ස්ලාට අවුරුදු විස්සයි?

ඔව්. දැන් අපිට අවුරුදු විස්සය’ි අපි පොඩි සංගීතමය අත්දැකීම් වැඩක් එළිදක්වන්න හිතාගෙන ඉන්නේ. සංගීතවත් අත්දැකීමක් ගන්න එකකෑල්ලක් තමයි දඟකාරී කියන්නෙ.

● ‘දඟකාරී. විෂුවල් එකක් හරි සරාගී නේද?

මෙහි පද රචනයත් එක්ක තමයි අපිට හිතුණේ මේ රූප රචනාවට හොඳ දඟකාරියන් ටිකක් එකතු කර න්න ඕනෑ කියලා. දඟකාරියෝ ටිකක් එක්ක තමයි මේ පාර සෙන්ටිග්‍රේඩ්ස්ලා ‘දඟකාරියෝ. රිලීස් කළේ.

සෙන්ටිග්‍රේඩ්ස්ලාගෙන් මෙච්චර කල් නොදැකපු විදිහේ සරාගී හැපනින් වීඩියෝ එකක් තමයි එළිදැක්වූයේ.

● මේ විෂුවල් එකට කට්ටිය බැන්නේ නැතිද?

විෂුවල් එකට තවම කිසිම දෝෂාරෝපරණයක් එල්ල වෙලා නැහැ. නමුත් අපි හිතුවේ මේකට කට්ටිය බනීවි කියලා. ඒත් මේ වෙනකම් නම් නරක ප්‍රතිචාර හම්බ වෙලා නැහැ.

● අවුරුදු විස්සක ගමන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තට ම හරිම සන්තෝසයි. අපි දැන් යම්කිස් මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියලයි හිතෙන්නේ. මේ අවුරුදු විස්ස පුරාවට ම අපි මෙතැන රැඳිලා ඉන්න ප්‍රධානම හේතුව තමයි අපේ දයාබර රසික රසිකාවියන්. රසිකයෝ අපිට අදටත් රිජෙක්ට් නොකරපු හින්දයි අපි මෙතැන රැඳිලා ඉන්න ප්‍රධානම හේතුව. අපි එදා වගේම අදටත් ජනප්‍රියයි.

● පරණ යාළුවෝ ටික ගැන කතා කළොත්?

අමිල” එරංග” ඉෂාන් අපි කට්ටිය ඔක්කොම ඉන්නවා. මේ නිර්මාණයෙන් අමිල තමයි රැප් ගායනයෙන් දායක වුණේ. ඉෂාන් ගායනයෙන් සම්බන්ධ වුණා. එරංග විදෙස්ගත වෙලා හිටපු හින්ද විෂුවල් එකට සම්බන්ධ වෙන්න බැරි වුණා.

● උපන් දිනය සමරන්න හිතාගෙන ඉන්නේ කොහොමද?

අවුරුදු විස්සෙ උපන් දිනය සමරන්න හිතාගෙන ඉන්නේ අපේ ලයිව් ඉන් කොන්සර්ට් එකකුත් එක්ක. ඒක ලබන අවුරුද්දෙ ප්‍රසංග තුනක් කරන්න හිතාගෙන ඉන්නවා. ප්‍රධානම ප්‍රසංගය කොළඹ. ඊට අමතරව දකුණු පළාත වගේම නුවරත් ප්‍රසංගයක් කරන්න හිතාගෙන ඉන්නවා.

● පසුගිය කාලේ කතාවක් ගියා සෙන්ටිග්‍රේඩ්ස්ලා කැඩිලා ගියා කියලත්?

අපිට මොකද වෙන්නේ කියලා දැනගන්න තියෙන හොඳම මාර්ගය තමයි අපේ යූටියුබ් එක. ෆේස්බුක් පිටුව සහ ඉන්ස්ටර්ග්‍රෑම් එක. ඒවාට දමන ප්‍රතිචාර අනුවයි රසිකයෝ අපිට මොනවාද කියන්නේ කියලා දැන ගන්නේ. රසිකයෝ අපිට තියෙන ආදරය වැඩිකමට බැනලා තිබුණා. අපේ පින්තූර විතරක් දාලා තියෙන කොට රසිකයෝ අපෙන් ඇහැව්වේ කෝබං සින්දු කියලා. අපේ කිසිම වෙනසක් වෙලා නෑ.

● අලුත් මුහුණු හින්ද වැඩවල අඩුවක් තිබෙනව ද?

අඩුවක් නෑ. මෙතැනට අලුත් මුහුණු ගොඩක් ඇවිත් තිබෙනවා. කර්මාන්තයක් විදිහට ඒක හොඳය’ි දැන් එන අලුත් මුහුණු එක්ක අපිට ස්ටේජ් එකේ ඉන්න ලැබෙන එකත් එක්ක අපිට හිතෙනවා අපි තවම පරණ නැහැ කියලා. කොච්චර අලුත් මුහුණු ආවත් සෙන්ටිග්‍රේඩ්ස්ලා පරණ නෑ.

● තව ගීත කීයක් එළිදක්වන්න තිබෙනව ද?

ගීත දහයක් එළිදක්වන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒකෙන් එකක් අපි රිලීස් කළා ‘දඟකාරී. කියලා. ඊට අමතරව ‘විසේ විසේ.” දිල්ලා කියලා ගීත දෙකක් එළිදැක්වූවා. තව ගීත හතක් එන්න නියමිතයි.

● අවුරුදු විස්සක ජනප්‍රියත්වයේ ‘රහස. මොකක්ද?

එකම රහස තමයි අපි අතර තිබෙන හොඳ අවබෝධය.

● එදා ඉස්කෝලෙන් එළියට බැහැලා පටන් ගත්තු වැඩේ මෙච්චර දුරක් යාවි කියලා හිතුවද?

නැහැ. අපි මියුසික් බෑන්ඩ් එකක් විදිහට මෙච්චර දුරක් ඒවි කියලා හිතුවේ නැහැ. අපිට අලුත් වැඩක් කරන්නයි ඕනෑ වුණේ. ඒක හින්දයි අපිට අවුරුදු විස්සක ගමනක් එන්න හම්බ වුණේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment