කුරුන්දි විහාරය ගැන ජනපති දැනුවත් කිරීමට ලිපියක්

142

මුලතිව් කුරුන්දි විහාරයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීම සඳහා විශේෂ ලිපියක් පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා වෙත උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැවේ විමලසාර නායක හිමියන් විසින් භාර දෙන ලදී.

මන්ත්‍රීවරයා වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ නායක හිමියෝ මෙම ලිපිය බාර දී ජනාධිපතිවරයාට සැල කළ යුතු කාරණාද මතක් කොට දුන්හ. විමලසාර නායක හිමියන් පවසන්නේ ජාති හා ආගම් භේද යළි ඇති වන්නට ඉඩ නොදී සර්ව සාමයික ක්‍රියාදාමයක් ඔස්සේ කුරින්දි විහාරයේ ප්‍රශ්නය විසඳිය යුතු බවත් එම විහාරයේ බාරකාරත්වය බෞද්ධ භික්ෂූන්ට ලබා දීම වෙනුවට පුරාවිද්‍යා නිලධාරීන් අතට පත් කළ යුතු බවත්ය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment