ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

104

ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් සැප්තැම්බර් මස 04 දින සිට 17 දින දක්වා සෞදි අරාබියේ රියාද් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය සඳහා ඉන්දික දිසානායක, ශ්‍රීමාලි සමරකෝන් සහ සහ හංසනී ගෝමස් සහභාගි වෙති.

මෙවර තරගාවලියේ දී පිරිමි කිලෝ ග්‍රෑම් 73 ට අඩු බර පංතිය නියෝජනය කරමින් ඉන්දික දිසානායක තරග වදින අතර හංසනී ගෝමස් කාන්තා කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර පංතිය යටතේ ද ශ්‍රීමාලි සමරකෝන් කාන්තා කිලෝ ග්‍රෑම් 45 ට අඩු බර පංතිය නියෝජනය කරමින් ද තරග කරති.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු ලෙස ඉන්දික දිසානායක, හංසනී ගෝමස් සහ ශ්‍රීමාලී සමරකෝන් හැඳින්විය හැකි අතර ඔවුන් මෙවර තරගාවලිය තුළ අපේක්ෂිත දක්ෂතා අතරට පිවිසෙනු ඇතැයි අනුමාන කළ හැකිය.

මෙම තරගාවලිය ආශ්‍රිතව ප්‍රදර්ශනය කරන දක්ෂතා පැරිස් නුවරදී ක්‍රියාත්මක කෙරෙන මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකමක් ලෙස ද සැලකේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment