වෙද නළාව අතේ තියන් මත්පෙති ජාවාරමේ පේරාදෙණිය රෝහලේ දොස්තර මාට්ටු

1874

මෝටර් රථයකින් පැමිණ මත්පෙති ජාවාරමේ යෙදෙමින් සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයකු ඇත්ගාල පොලිසිය මගින් ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේදී පෙරේදා (13 දා) රාත්‍රී එකොළහට අත්අඩංගුවට ගෙන තිබේ.

කාලයක් තිස්සේ තැරැව්කරුවන් මාර්ගයෙන් ගම්පොළ ඇතුළු අවට ප්‍රදේශ තුළ මත්පෙති ජාවාරමේ යෙදී ඇති මෙම වෛද්‍යවරයා එවැනි අයකුට රුපියල් එක්ලක්ෂ හැටදහසක මත්පෙති තොගයක් ලබාදෙමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව තිබුණි. ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මෙම වෛද්‍යවරයා රෝහල් වෛද්‍ය සේවාවට අමතරව ප්‍රදේශ කිහිපයක වෛද්‍ය මධ්‍යස්ථානද පවත්වාගෙන යමින් ඒ හරහාද මෙම ජාවාරමේ නිරතව තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

වෙද නළාව අතේ තියන් මත්පෙති ජාවාරමේ පේරාදෙණිය රෝහලේ දොස්තර මාට්ටු

මත්පෙති රැගෙන ආ මෝටර් රථය

මොහුගෙන් මත්පෙති ලබාගෙන විවිධ ප්‍රදේශවල ජාවාරමේ යෙදෙන පිරිසට මෙම වෛද්‍යවරයා හොර රහසේ රාත්‍රී කාලයේ මෝටර් රථයෙන් ගොස් මෙම මත් පෙති අලෙවි කිරීම සිදුකර තිබේ. මෙම සූක්ෂම ජාවාරම අල්ලා ගැනීමට නොහැකිව තිබියදී ඈත්ගාල පොලිස් ස්ථානාධිපති පො.ප. සෙනරත් කැකුළන්දර මහතා උලපනේ ප්‍රදේශයේ මත්පෙති ජාවාරමේ යෙදෙන එවැනි අයකු සමග උපාය දූතයකු යොදවා වෛද්‍යවරයාගෙන් මත්පෙති ලබා ගැනීමට කටයුතු යොදා තිබුණි. ඒ අනුව මෙම වෛද්‍යවරයා එවැනි අධිමාත්‍රා සහිත මත්පෙති 1600ක් අඩංගු ඇසුරුම් දාසයක් රැගෙන ඔහුගේ

මෝටර් රථයෙන් රාත්‍රී එකොළහට පේරාදෙණියේ සිට ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයට පැමිණ සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෛද්‍යවරයා හා මෝටර් රථය ඊයේ (14 දා) ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඇත්ගාල පොලිස් ස්ථානාධිපති පො.ප. සෙනරත් කැකුලන්දර, පො.සැ. (61207) නුවන්, පො.කො. වරුන් වන (77957) බණ්ඩාර, (74284) ප්‍රේමරත්න යන නිලධාරීහු මෙම වැටලීම සිදුකොට තිබුණි.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment