බිල නොගෙවීම නිසා ගෙවල් දස ලක්ෂ හැටහතර දහසක ලයිට් කපලා

198

විදුලි පාරිභෝගිකයන් දශලක්ෂ හැට හතර දහස් හාරසියයකගේ විදුලිය විසන්ධි කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

විදුලි බිල නොගෙවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇති අතර විදුලි බල මණ්ඩලයට අයත් නිවාස නව ලක්ෂ හැටපන්දහස් පන්සිය හැට හයක සහ ලෙකෝ පාරිභෝගිකයන් අනූ අටදහස් තිස් හතරකගේ විදුලිය විසන්ධි කර ඇතැයිද හෙතෙම කීය.

ලංවිම සහ ලෙකෝ විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණය හැත්තෑ ලක්ෂ දහ අට දහස් හත්සිය අසූ පහක් බවද ඇමැතිවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment