සූර්වී ඇන්න පිහිපාරින් වෙච්චදේ

275


මිතුරන් පිරිසක් එක්වී ඊයේ රාත්‍රියේ පැවැත්වූ මත්පැන් සාදයකින් අනතුරුව සිදුවූ පිහි ඇනුමකින් දෙදරු පියෙක් එම ස්ථානයේදීම ඝාතනයවී ඇත.

මොරගහහේන තලගල වෙන්දේසි ඉඩමක සේවක පිරිසක් එක්වී මෙම මත්පැන් සාදය පවත්වා තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ මාබෝදල ඉද්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ස්කැවේටර් රියදුරෙකු ලෙස සේවය කළ පී. නිරෝෂන් චන්දිම නමැති 39 හැවිරිදි එක්දරු පියෙකි.

මොරගහහේන පොලීසිය සඳහන් කළේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදා සෙබළෙකු ඝාතනයට යොදාගත් ආයුධයත් සමග අත්අඩංගුවට ගත් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment