ඉන්දියාවේ විතරක් නොවේ ලෝකයේම ජයක් – අගමැති මෝදි

150

චන්ද්‍රයාන් – 3 යානය සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවයට පා තැබීම භාරතයේ පමණක් නොව මුළු ලෝකයේම ජයග්‍රහණයක් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය. යානය සඳ මතට ගොඩබැසීමේ අවස්ථාව සජීවීව නරඹමින් සිටි කාර්ය මණ්ඩලය සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ සජීවීව එක්වෙමින් ඉන්දීය අගමැතිවරයා මෙසේ ද කීවේය. අද වනතුරු කිසිවකුට ළඟාවීමට නොහැකි වූ සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවයට ළඟාවීමට ඉන්දියාවට හැකි වුණා. මේ සඳ තරණ මෙහෙයුම මුළු ලෝකයේම ජයග්‍රහණයක්.

ශ්‍රී ලංකාවටත් ආඩම්බරයක් – ජනපති මෝදිට කියයි

ඉන්දියාව ලැබූ විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි වෙත තම සුබ පැතුම් එක් කරමින් පවසයි.

මෙය විද්‍යාත්මක හා තාක්ෂණික අංශයේ අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ඉදිරි පරම්පරාව දිරිමත් කිරීමක් බවත්, චන්ද්‍රයාන් තුන චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය තරණය කිරීමේ සාර්ථක විජයග්‍රහණය ගැන දක්වමින් ජනාධිපතිවරයා පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment