යාපනයේ කඩු කල්ලි දෙක අතර සටනින් අයෙක් මියයයි

267

යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලි දෙකක සාමාජිකයින් දෙදෙනෙකු අතර ඇති වූ කඩු ප්‍රහාරයකින් එක් පාර්ශ්වයක කඩු සාමාජිකයෙකු (11 දා) මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා මීට කාලයකට ඉහත දී යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියක සාමාජිකයෙකුව කඩුවකින් කපා තුවාල සිදු කොට තිබේ.

ඊට පළිගැනීමක් වශයෙන් කලින් තුවාල ලබා සුව වූ පුද්ගලයා එල්ල කළ කඩු පහරකින් මේ පුද්ගලයා මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තවචෙල්වම් පවිතරන් නැමති තරුණයෙකු වන අතර ඔහු යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයට ගොස් නිවසට පැමිණෙමින් සිටිය දී ඔහු පදිංචිව සිටි වඩුක්කෝඩෙයි ගම්මානයේ දීම මෙම කඩු ප්‍රහාරයට ලක් වී තිබේ.

කඩු ප්‍රහාරයෙන් තුවල ලැබූ තරුණයාව වඩුක්කෝඩෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහුව යාපානය් ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

කඩු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති වඩුක්කෝඩෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment