රුසියාව යුක්රේනයේ කියෙව් නගරයට ඇතුල්වෙයි

930

රුසියානු හමුදා යුක්රේන කියෙව් නගර සීමාවට ඇතුල් වූ බවට යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය මගින් තහවුරු කර ඇත.

යුක්රේන හමුදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රුසියානු යුද ටැංකි කියෙව් දෙසට ගමන් කරමින් සිටින බවය.

එම නිවේදනය නිකුත් කර ටික වේලාවකට පසුව රුසියානු හමුදා විසින් කියෙව් නගරය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.ඒ සමගම නගරයේ වැසියන් වෙනත් ප‍්‍රදේශවලට පලායන්නට පටන්ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment