බෝම්බ 220ක් ගොඩ ගනී

372

එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් යුද සමයේදී භාවිත කරණ ලද බෝම්බ 220 ක් මුලතිව් මුල්ලිවයිකාල් ප්‍රදේශයේ එකම වළක වළලා තිබියදී පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම බෝම්බ තොගය ගොඩ ගෙන තිබේ.

මහජනයාගෙන් ලද තොරතුරකට අනුව මුලතිව් පොලීසිය මේ ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසුව අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහය මත එම බෝම්බ තොගය ගොඩ ගෙන ඇත.

සොයාගත් බෝම්බ 220 ක ප්‍රමාණය පුපුරවා විනාශ කිරීමට තවත් අධිකරණ නියෝගයක් මුලතිව් පොලීසිය විසින් ලබාගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලවා එම බෝම්බ තොගය පුපුරවා විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment