කැලණි සරසවිය තාවකාලිකව වසයි

722

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙනගොස් රඳවාගෙන පහරදී ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැටගසා තිබීමේ සිදුවීමට අදාළව විනයානුකූලව පියවර ගෙන අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර නැවත සාමය ඇතිකිරීම සඳහා මෙම පියවර ගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය අද (04) පස්වරු 2 සිට නැවත දැනුම්දෙනතුරු වසා දමන බවය.ඒ අනුව හෙට (05) උදෑසන 8ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතුය.එසේම නැවත දැනුම්දෙනතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ භාහිර නේවාසිකාගාර ශිෂ්‍යශිෂ්‍යාවන්ට තහනම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment