ජාතික ක්‍රීඩා සභාවේ සහ තේරීම් කමිටුවේ නව සාමාජිකයින්

646

ජාතික ක්‍රීඩා සභාවට සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සදහා නව සාමාජිකයින් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් පත්කර ඇත. ඒ අනුව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර පත්කර තිබේ.මීට පෙර එම ධුරය දරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අර්ජුන රණතුංග මහතාය.ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.

ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් ලෙස අයි.යූ වික්‍රමසූරිය මහතාද ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ ලේකම් ලෙස අර්ජුන් රිෂ්යා ප්‍රනාන්දු මහතා ද පත්කර ඇත.

ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රියානි කුලවංශ, විශ්‍රාමික මේජර් ජෙනරාල් රංජිත් අම්පෙමොහොට්ටි, මහාචාර්ය අර්ජුන ද සිල්වා, පණ්ඩුක කීර්තිනන්ද,ආනා පුංචිහේවා,මලික් කාදර්, වෛද්‍ය එස්.වී.ඩී. නානායක්කාර,හෆීස් මාසො,සිදත් වෙත්තමුණි, විශ්‍රාමික ජෙනරාල් ජගත් ජයසූරිය,අනුරාධා ඉලේපෙරුම, මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු සහ කමල් දේශප්‍රිය පත්ව සිටිති.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, සුරේෂ් සුබ්‍රමනියම් සහ නලින්ද සම්පත් ඉලංගකෝන් යන අය පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment