රාජ්‍ය සමාගම් 20කට මිලියන 2865 ක පාඩුවක්

108

රාජ්‍ය සමාගම් 20ක් ඉකුත් වර්ෂයේ දී (2021) රුපියල් මිලියන දෙදහස් අටසිය හැටපහක (2,865) පාඩුවක් ලබා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මින් ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම, ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය, මාගම්පුර වරාය කළමනාකරණ සමාගම, හොටෙල් ඩිවලොපර්ස් ලංකා යන සමාගම් ඉකුත් වර්ෂයේ දී රුපියල් මිලියන 100ට වඩා වැඩි පාඩුවක් ලබා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ විගණකාධිපතිවරයා වෙත රාජ්‍ය සමාගම් 55ක් විසින් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබූ අතර ඉන් සමාගම් 34ක් රුපියල් මිලියන 41,283ක ලාභයක් වාර්තා කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment