රිෂාඩ් වෙනුවෙන් කිරිඇල්ල කතා කරයි මැති සබය උණුසුම්

176

ජනපති – අගමැති නිහඩව බලා සිටිති

කාමරයක දාලා මාව වහලා – රිෂාඩ් බදියුදීන්

මන්ත‍්‍රී වරප‍්‍රසාද කඩන්න දෙන්න බෑ – ලක්‍ෂ්මන් කිරිඇල්ල

මේක අධිකරණ කටයුත්තක් පරීක්‍ෂණ නවත්වන්න බෑ – සභා නායක දිනේෂ් ගුණවර්ධන

විපක්ෂ මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතා දින සියයකට වැඩි කාලයක් රැුඳවුම් භාරයේ තබා  ගැනීම පිළිබඳව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තවේ (04) උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර බදියුදීන් මන්ත‍්‍රීවරයා ද අදහස් දැක්වීමට යෑමෙන් එය තවත් උත්සන්න විය.

ඒ අවස්ථාව වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සභාවෙහි අසුන්ගෙන සිටි අතර එම දෙදෙනා එහිදී නිහඬව සිටියහ.

මෙහිදී බදියුදීන් මන්ත‍්‍රීවරයා කියා සිටියේ තමන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන බාලසුබ‍්‍රමානියම් මහතාට දුරකථන ඇමතුමක් දීම සම්බන්ධයෙන් බවය.

එහිදී දැක්වූ සංවාදය මෙසේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- අවුරුදු 20 ක් මේ සභාව නියෝජනය කරන රිෂාඞ් මන්ත‍්‍රීතුමාගේ අවාසනාවන්ත තත්ත්වය ගැන කිව යුතුයි. එතුමා දැනට දින 100කට වැඩි කාලයක් රැුඳවුම් නියෝග යටතේ ඉන්නවා. තවම චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කරලාත් නෑ. හතර වතාවක් නඩුව අහන්නේ නැතුව කල් දැම්මා. හැම පැත්තෙන්ම පීඩාය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු මෙහෙම අත්අඩංගුවට ගත්තහම කථානායකතුමාට දන්වන්න ඕනෑ. මොකද පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද යටතේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අපේ පාර්ලිමේන්තුවට බලපානවා. බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරයකු අත්අඩංගුවට ගත්තාම කථානායකට දැනුම් දෙන්න ඕනෑ ඇයි අත්අඩංගුවට ගත්තේ කියලා. එහෙම දැනුම් නොදුන්නනම් වරප‍්‍රසාද කඩවෙනවා. මම ඒ බව කථානායකතුමාට කියනවා. මේක අපි දෙගොල්ලන්ටම බලපානවා.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:-

දිනපතාම මේ ප‍්‍රශ්නය අහනවා. මන්ත‍්‍රීවරයා කව්ද කියලා පරීක්‍ෂණය වෙනවා නම්, ඒ පරීක්‍ෂණ තවත් පරීක්‍ෂණවලට භාජනය වෙනවා නම් ඒ මන්ත‍්‍රීවරයා දැනගන්න ඕනෑ ගෞරවය ආරක්ෂා කර ගන්න. වන්දිවලින් නිහඬ විය යුතුයි. ඔහුට පාර්ලිමේන්තු එන්න අවස්ථාව දී තිබෙනවා. මෙය අධීක්‍ෂණ කටයුත්තක්, පරීක්‍ෂණ නවත්වන්න බැහැ.

කථානායක:- ඔහු අත්අඩංගුවට ගත් බව මට දන්වලා තියෙනවා. පරීක්‍ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කාරණා මට දන්වලා තිබෙනවා.

ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා:- අපිව ගිය ආණ්ඩු කාලේ අත්අඩංගුවට ගත්තා. කථානායකතුමා දැනුවත් කළේ නෑ. එංගලන්තයේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ කියලා නෑ ළමයින් ¥ෂණය කරන්න කියලා. මේක දෙබිඩි පිළිවෙතක් එළියේදී කීය. රිෂාඞ් අස්කරන්න කියලා.

කිරිඇල්ල මහතා, කිසිම ජනාධිපතිවරයෙක් ඞී ඕ ගහලා ඇතුළේ තියාගෙන නෑ කිසිම මන්ත‍්‍රීවරයෙක්.

රිෂාඞ් බදියුදීන් මහතා:- ජනාධිපතිතුමා සහ අගමැතිතුමාත් සිටිනවා දැන් මෙතැනත්. මාව අත්අඩංගුවට ගත්තේ අපේ‍්‍රල් මාසේ 24 දා. දවස් පහයි මාව පරීක්‍ෂණ කළේ දැනට දවස් එකසිය ගණනක් මම ඇතුළේ කාමරට දාලා වහලා තියෙනවා. වැසිකිළියට යන්න විතරයි දෙන්නේ. අද වෙනතුරු කිසිම පරීක්‍ෂණයක් නෑ. මම බොරු කියන්නේ නෑ. මාව අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා අහනකොට ඕ. අයි. සී. මහත්තයා කිව්වේ මගේ අමාත්‍යාංශයේ ලේකම් බාලසුබ‍්‍රමානියම්ට මිනිත්තු එකසිය ගාණක් කතා කරපු එකට කියලා. වෙන කිසිම කාරණයක් නෑ ජනාධිපතිතුමනි.

කථානායක:- ඔබතුමාගේ කාලය අවසන්. ජනාධිපතිතුමා හමුවෙලා කතා කරන්න තවත් වෙලාව දෙන්න බෑ.
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා:- බාලසුබ‍්‍රමානියම් දැන් කොහේද ඉන්නෙ කියා බලන්න. එයා රට පැනලා. කරුණාකරලා ප‍්‍රධාන වැඩකටයුතුවලට යන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment