ප්‍රංශයේ දුම්රිය පාලමක් මතට දොඹකරයක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙක් මරුට

891

ප්‍රංශයේ උප නගරයක දුම්රිය මාර්ගයක පාලමක් කඩා වැටීමෙන් ශ්‍රී ලංකාවේ දෙමළ වැසියෙකු 6 දා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ තම්බිරාසා පාර්කුණරාජා නමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.

යාපනයේ උපත ලබා කොළඹ ජීවත් වී ඔහු මීට වසර 19 කට ඉහතදී ප්‍රංශයට ගොස් ප්‍රංශයේ දුම්රිය මාර්ග තනන සමාගමක ඉදිකිරීම් අංශයේ සේවකයෙකු ලෙස මොහු සේවය කොට තිබේ.

ප්‍රංශයේ ටූල්ස් ප්‍රදේශයේ උපනගරයක් වන ලබගේ නමැති ස්ථානයේ දුම්රිය පාලමක ඉදිකිරීම් කටයුත්තක් සිදුකරමින් සිටිය දී එය හදිසියේ කඩා වැටීමෙන් පුද්ගලයන් සිව්දෙනකු ශ්‍රී ලාංකිකයා සමග බරපතළ ලෙස තුවාල ලබා ඇත.

තුවාලකරුවන් රෝහල්ගත කිරීමෙන් පසුව ශ්‍රී ලාංකිකයා මියගොස් තිබේ. දුම්රිය මාර්ගයේ මීටර් දහයක් පමණ උසින් මෙම පාලම පිහිටා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් හතර දෙනාම පාලම මත සේවය කරමින් සිට ඇත.

භාණ්ඩ ඔසවන දොඹකරයක් හදිසියේම මෙම පාලම මතට කඩා වැටීමෙන් පසුව පාලම කැඩී බිමට පතිත වීමෙන් එම අනතුර සිදුව තිබේ. මියගිය ශ්‍රී ලාංකිකයාගේ අවසන් කටයුතු ඔහු සේවය කළ සමාගම විසින් ප්‍රංශයේදී සිදු කිරීමට නියමිතය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment