කුඹුරු වැඩ අවසන්ව දිය නාගන්න හුරුළුවැවට පැන්න තරුණයා ගිලී මරුට

134

දියේ ගිලී තරුණයකු මියගිය පුවතක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

කුඹුරු වැඩ අවසානයේ හුරුළුවැව දකුණු ඉවුර මහ ඇළේ හුරුළුනික වැව ප්‍රදේශයේදී දියනෑමට ගිය පුද්ගලයකු දියේ ගිලීම හේතුවෙන් මියගොස් ඇති බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පවසයි.

මියගිය තැනැත්තා තවත් කුඩා දරුවන් පිරිසක් දියනාමින් සිටින ස්ථානයක දීයනෑමට ඇළට පැන ඇන ඇති අතර ඔහු දියෙන් මතු නොවූ හෙයින් ඒ පිළිබද එම ස්ථානයට පැමිණි පිරිසක් දැනුවත් කර ඇත. පසුව කළ සෝදිසි කිරීමකදී දියේ ගිලී සිටි වයස අවුරුදු 27ක් වන අවිවාහක තරුණයා සොයාගෙන ඇති බවත් පසුව ගම්වාසීන් විසින් දියේ ගිලී සිටි පුද්ගලයා ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවත් රෝහලට ඇතුළත් කරන විටත් දියේ ගිලුණු පුද්ගලයා මියගොස් සිට ඇති බව ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ උසස් නිලධාරියකු පැවැසීය.

මෙලෙස මියගොස් ඇත්තේ අංක 9 රත්මල්වැටිය හුරුළුනිකවැව මිල්ලගහ ගෙදර දිනේෂ් මදුසංක නමැති පුද්ගලයකු වන අතර දේහය මේ විට ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය රෝහල් මෘත ශල්‍යාගාරයේ තැන්පත් කොට ඇති අතර දේහය මරණ පරීක්ෂණ කටයුතු සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යැවීමට සූදානම් කොට ඇති බවත් ඉදිරි පරීක්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය මගින් මෙහෙයවීමට නියමිත බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ගලෙන්බිඳුණුවැව – චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment