මාස තුනට පාතාල ඝාතන 30 ක්?

117

ගෙවී ගිය මාස 3 ක කාලසීමාවේ සන්නද්ධ පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයන් තිස් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.

මෙම ඝාතන සියල්ල බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍රකරගෙන සිදු වී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

ඉකුත් මැයි මාසය අග සිට මේ දක්වා මෙම ඝාතන සිදුවී ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල කල්ලි අතර පවතින ආරවුල් ඊට හේතුවී ඇති බව විමර්ශන කණ්ඩායම් පවසයි.

දකුණු පළාතේ පමණක් වෙඩි තබා ඝාතනය කිීමේ සිද්ධීන් 13ක් වාර්තා වී ඇත.

ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන හරක් කටා පානදුරේ සලිඳු සහ කෙසෙල්වත්ත පෑලියගොඩ මෝදර ප්‍රදේශවල ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් විසින් මෙම ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බවද පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment