රිළවුන් චීනයට යැවීමට පෙර උන්ගේ ජීවිතවලට හානියක් නොවන බවට සහතිකයක් ඕනෑ – මන්නාරම රදගුරු

99

රිළවුන් චීනයට යැවීමේ යෝජනාව වැදගත් වන්නේ එහිදී එම සතුන්ගේ ජීවිතයට හානියක් නොවන බවට සහතිකවීමෙන් පසුව යැයි මන්නාරම පදවිය භාර රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා “දිවයින”ට පැවසීය.

මන්නාරම රිළා උවදුරු අධික ප්‍රදේශයක් බව කී රදගුරුතුමා රිළවුන් චීනයට යැවීම වටිනා යෝජනාවක් බවද කීවේය. රිළවුන්ගේ කරදරය ගැන දන්නේ එම සතුන් අධික ප්‍රදේශවල ජනතාවයි. රිළවුන් චීනයට යැවීම ගැන අපට කිව හැක්කේ චීනයේදී උන්ගේ ජීවිතවලට තර්ජන ඇතිවිය හැකි දැයි කියා සහතිකයක් ලබා ගැනීමෙන් පමණක් බවයි.
නෝමන පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment