තී‍්‍රරෝදයේ යතුරුපැදිය හැපී මාකඳුරේ හමුදා නිලධාරියා මරුට

571

ඉකුත් 16 වැනිදා සවස 6.00ට පමණ කුරුණෑගල, මීගමුව ප‍්‍රධාන මාර්ගයේ නෙස්ලේ මංසන්දියේදී ත‍්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කර වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවීමෙන් පසු එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පන්නල පොලිසිය පවසයි. ගඟපාර, මාකඳුර,

ගෝනවිල, පන්නල යන ලිපිනයෙහි පදිංචි 40 වියැති ශ්‍රී ලංකා යුදහමුදා රත්මලාන තූර්ය වාදක කණ්ඩායමට අනුයුක්තව සේවය කළ සාජන් මේජර්වරයකු වන කරුණාතිලක වාසල මුදියන්සේලාගේ ජනක නිශාන්ත නමැති අය මෙසේ මියගොස් ඇති බව පොලිසිය කියයි. දංකොටුව දෙස සිට පන්නල දෙසට

ගමන්කර ඇති යතුරුපැදිය නෙස්ලේ මංසන්දියේ දී ඊට ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත‍්‍රීරෝදරථයේ මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක කරයි. අනතුර සිදුකළ බවට සැක කෙරෙන ලූණුවිල, බටහිර, කිරිමැටියාන ප‍්‍රදේශයේ පදිංචි ත‍්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

සඳලංකාව-ධම්මික රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment