ආධුනික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලිය – පිරිමි ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට

62

ජාතික මට්ටමේ තරගවලට සුදුස්සන් තෝරා ගැනීම උදෙසා ක්‍රියාත්මක කෙරුණු ආධුනික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියේ පිරිමි සමස්ත ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ දිනා ගත්හ.

සමස්ත අනුශූරතාව සමව හිමිකර ගැනීමට ගුවන් හමුදාව සහ කුරුණෑගල සමාජය සමත් විය.

මෙවර කනිෂ්ඨ තරගාවලියේ බාලිකා සමස්ත ශූරතාව සමව හිමිකර ගැනීමට ගුවන් හමුදාව, උඩුවෙල මහා විදුහල, මහනුවර වයි. එම්. සී. ඒ. සමාජය සහ රොමාරසම්කුලම් සමාජය නියෝජනය කළ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින් මෙහෙයවන ලද මෙවර තරගාවලිය පොලොන්නරුවේ දී පැවැත්වුණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment