කිරිපිටි,ගෑස් මිල තීරණය කරන්න විශේෂ කැබිනට් රැස්වීමක්

288

කිරිපිටි,ගෑස් ,පාන් පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීම සම්බන්ධව කිසිදු තීරණයක් අද පැවැති කැබිනට් රැුස්වීමේදී ද ගෙන නැත.මේ සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් අනිද්දා (07දා) පැවැත්වීමට රජය තීරණය කර ඇත.
ඩොලරයේ මිල ඉහළ යාම නිසා මෙම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවීමට මේවන විට ව්‍යාපාරිකයින් පියවර ගෙන තිබේ.එනිසා මේ වනවිට වෙළෙඳ පොළේ මෙම භාණ්ඩවල හිඟයක් පවතී.එබැවින් කිරිපිටි කිලෝවක් රුපියල් 200කින්, කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 550 කින්, සිමෙන්ති රුපියල් 50 කින් සහ පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් මිල ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස මෙම භාණ්ඩ ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment