මතභේදාත්මක පනත් කෙටුම්පත 10 වැනිදා විවාදයට

168

මතභේදයට තුඩු දී ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු, එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම්) පෙබරවාරි මස 10 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය.

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත මෙම පනතට මේ වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් අධිකරණ කි‍්‍රයාමාර්ග ද ගෙන තිබේ.

පාර්ලිමේන්තුව පෙබරවාරි 08 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වීමට නියමිතය. එම සතියේදී විශේෂ පනත් කිහිපයක් මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක යෝජනා විවාදය ද පැවැත්වෙනු ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment