මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන හා මනුසත් දෙරණ එක්ව සිදුකළ දුෂ්කර පාසල් වෙත සුර්ය බලශක්ති පද්ධතීන් තුළින් විදුලිය ලබා දීමේ වැඩසටහන් මාලාව යටතේ පාසල් හතකට විදුලි බලය ලබාදිමට පියවර ගැණිනි.

අධ්‍යාපනය හා තිරසරභාවය ඒකාබද්ධ කළ නවමු සංකල්පයක් වන මෙම ව්‍යාපෘතියෙන් පිරිනැමුනු සූර්ය බලශක්ති පැනල තුළින් එම විද්‍යාලයන්ට විදුලිබලය හිමිවිය. මේ යටතේ මීමුරේ ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයට, මීගහකිවුල, කලුකැලේ කනිෂ්ඨ විද්‍යාලයට, රත්නපුර, අයගම, දුම්බර ඇල්ලගාව, දුම්බර අංක 2 දෙමළ විද්‍යාලයට, කැබිතිගොල්ලෑව, ඇල්ලවැව මුස්ලිම් විද්‍යාලයට, බඹරේ, සෝලේපුර ප්‍රාථමික විද්‍යාලයට, මන්නාරම ගෞරිඅම්මාන් රජයේ දෙමළ මිශ්‍ර විද්‍යාලයට සහ ගාල්ල පිටදෙණිය මහා විද්‍යාලයට විදුලිය පිරිනැමිණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘පුරා හැට දෙවසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවට බැංකු හා මූල්‍ය පහසුකම් පිරිනැමීමෙන් නොනැවතී සිය ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමටද මහජන බැංකුව පියවර ගත්තා. ඒ ලාභයම මූලික අරමුණ කර නොගත් මෙරට පොදු ජනතාව හා බැඳුනු, ඔවුන්ගේ සිතුම්, පැතුම්, දුක, සතුට හඳුනන බැංකුවක් වශයෙන්.

එම වැඩපිළිවෙල තවත් ඉදිරියට ගෙන යමින් මහජන බැංකුව, පසුගිය වසරේ සිට සිය සමාජ සත්කාරක වැඩසටහන මාලාව, ‘මහජන මෙහෙවර’ නමින් දියත් කිරිමට කටයුතු කළා. දුෂ්කර පාසල් වෙත සුර්ය බලශක්ති පද්ධතීන් තුළින් විදුලිය ලබා දීමේ වැඩසටහන් මාලාව දියත් කෙරුනේ එහි පළමු පියවර ලෙසයි. මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය තුළින් උපරිම ප්‍රයෝජන ගනිවි යැයි මා අපේක්ෂා කරනවා.

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘පාසල් සිසු දරු දැරියන්ට අධ්‍යාපනය
ලබාගැනීම සඳහා පහසුකම් සලසන අතරතුර, වගකිය යුතු මූල්‍ය ආයතනයක් වශයෙන් පාරසරික තිරසරභාවය ඇතිකිරීම වෙනුවෙන් දායකත්වය ලබාදීම මහජන බැංකුවේ අරමුණයි.

විදුලි බලය සඳහා වැය කළ යුතු පිරිවැය ඉහළ ගොස් ඇති මේ සමයේදී අප ස්ථාපිත කරන සූර්ය බලශක්ති පැනලය තුළින් මු`ඵ විද්‍යාලයටම විදුලි පහසුකම් හිමිවීම විශේෂ ප්‍රතිලාභයක් වනු ඇති.’ ඉදිරියටත් මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ තුළින් තවත් සමාජ සත්කාරක වැඩසටහන් රැසක් දියත් කිරීමට සූදානමින් සිටිනවා.’

advertistmentadvertistment
advertistmentadvertistment