ජාතික සත්වෝද්‍යාන අධක්‍ෂ ජනරාල් ෂර්මිලා අද වැඩ භාරගනී

756

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය පත්කර තිබේ.

ඒ අනුව ඇය අද (28 දා) සිය ධුරයේ රාජකාරි  බාරගැනීමට නියමිතය.ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඇය පත්කර තිබේ. ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණය හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ ප‍්‍රථම ගෞරව උපාධියක් ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ලබාගෙන ඇත.

ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප‍්‍රධානි ලෙස ද මීට පෙර කටයුතු කර තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment