ගෝල් ටයිටෑන්ස්ට කඩුලු 08ක ජයක්

150

LPL ක්‍රිකට් තරගාවලියේ අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති 20වැනි තරගයේ දී ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට කඩුලු 08ක ජයක් හිමි විය.පළමුව පන්දුවට පහරදුන් කළම්ඹු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 15.4කදී සියලු දෙනා දැවී ලකුණු 84ක් ලබා ගත්තේය.තබ්රයිස් ෂම්සි 20/4 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම පන්දුවාර 08.3කදී කඩුලු දෙකක් දැවී ලකුණු 75ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.ලසිත් කෲස්පුල්ලේ නොදැවී 42යි. මෙම ජයග්‍රහණයත් සමග ගෝල් ටයිටෑන්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.එහි පළමු තරගය දඹුල්ල ඕරා සමග පැවත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment