ආයුර්වේදය ඩොලර් සොයයි

490

මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමකින් යුත් කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.රට තුළ නිරෝගීමත් ජනතාවක් ගොඩනැඟීමට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට පිළියමක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේද ක්‍රමය තුළ නව ප්‍රවණතා රැසක් සිදු කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment