නූතන පරම්පරාවේ සියලු දෙනා පවතින සංස්කෘතියට ගරු කළ යුතුයි – නාමල් රාජපක්ෂ (ශ්‍රීලපොපෙ)

48

පැරණි හා නූතන පරම්පරාවට අයත් සියලුමදෙනා පවතින සංස්කෘතියට ගරු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තංගල්ල ශාඛා සමිතිය පිහිටුවීමේ ජනහමුවට සහභාගී වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.

සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කරන එක දෙමාපියන් සතු වගකීමක්. ඒක සිංහල, දමිළ, මුස්ලිම් සහ බර්ගර් යන යන ඕනෑම සංස්කෘතියකට සරිලන ලෙස අපි දරුවන් නිර්මාණය කළ යුතුයි. ඒක තමයි දෙමාපියන් ලෙස අපගේ යුතුකම සහ වගකීම. මුස්ලිම් දරුවෙක් මුස්ලිම් සංස්කෘතියට අනුකූලව ඇඳුමක් ඇඳීමටවත්, දමිළ තරුණයෙක් වේට්ටිය ඇදීමටවත්, සිංහල තරුණයෙක් සරම ඇදීමටවත් ලැජ්ජා විය යුතු නැහැ. සංස්කෘතියට ආගමට ගරු කරන සමාජය තුළින් රටේ ආර්ථික වර්ධනයට අදාළ ප්‍රතිලාභ ළඟා කර ගත හැකියි.

advertistmentadvertistment
advertistmentadvertistment