හැටට හැටේ ආ ත්‍රිරෝද රථය පාරෙන් ඉවතට පනී – අයෙක් මරුට

83

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් මතට පෙරළීමෙන් එම ත්‍රිරෝද රථයේ පසුපස ගමන් ගත් එක් අයෙකු ජිවිතක්ෂයට පත් වී ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා ඇතුළු තවත් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන් දික්ඔය පුලියාවත්ත ප්‍රදේශයේ පදිංචි ධනපාලන් ක්‍රිෂාන්තන් (26) හැවිරිදි තරුණයෙකි.

ත්‍රිරෝද රථයේ රියදුරා බීමත්ව අධික වේගයෙන් මඟීන් තිදෙනෙකු නංවාගෙන ත්‍රිරෝද රථය ධාවනය කරන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් මතට පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි නෝර්වුඩ් පොලිසිය කියා සිටියේය.

තුවාලකරුවන් අතර රියදුරාද සිටින බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් නෝර්වුඩ් පොලිසිය කියා සිටී.

ඡායාරූප හා සටහන නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment