මා මරා දැමීමට පෙර අනාගතයේ දරුවන් වෙනුවෙන් මෙම පුදබිම ආරක්ෂා කරන්න!

847

විහාරාධිපති හිමියෝ ජනපතිට කියති
පොලිසියත්… ‘පුරාවත්…’ නිදියද්දී වළගම්බා රජු හැදූ තම්මැන්නාගල රජමහා වෙහෙර නිධන් හොරුටන්ට බිලි
ජාවාරම්කරුවන් ආරම්භක විහාරාධිපතිත් ඝාතනය කරලා..!
වත්මන් විහාරාධිපතිටත් මරණ තර්ජන

වලගම්බා මහරජු විසින් කරවන ලද තම්මැන්නාගල රජමහා වෙහෙර මේ වන විට නිධන් සොරුන්ට බිලි වෙමින් විනාශ මුඛයට යමින් පවතින බව එහි විහාරාධිපති හිමියෝ කියා සිටිති. ක්‍රි. ව. 1-2 කාලයට අයත් යැයි සැලකෙන මෙම විහාරස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩාඉඳිවැව ග්‍රාම නිලධාරි වසමේ ඓතිහාසික තම්මැන්නාගල රජමහා විහාරය පිහිටා ඇත. හම්බන්තොට මීගහ ජඳුර මාර්ගයේ කි. මී. 25ක් පමණ ගියපසු මෙම විහාර භූමියට ළඟා විය හැක.

වසර දෙදෙහසකට පෙර පැවති මහා නියංසාය හේතුවෙන් මෙහි වැඩ සිටි මහ රහතුන් වහන්සේලා ප්‍රදේශය හැර යෑමත් සමඟ ජනශුන්‍ය ප්‍රදේශයක් බවට පත්ව තිබිණි. 1980 දශකයේ නව සංවර්ධනයත් සමඟ මහා වනාන්තරයට යටව තිබූ මෙම රජ මහා වෙහෙර සොයා ගැනීමත් සමඟ මෙම ස්ථානයට පැමිණ අතිදුෂ්කර දිවියක් ගතකරමින් නමක් සඳහන් නොවන භික්ෂුන් වහන්සේ නමක් බණ භාවනා කරමින් වැඩ සිට ඇත.

මා මරා දැමීමට පෙර අනාගතයේ දරුවන් වෙනුවෙන් මෙම පුදබිම ආරක්ෂා කරන්න!

උන්වහන්සේ නිදන් සොරුන් විසින් ඝාතනයට ලක්කර තිබේ. පසුකාලීනව ගොඩපිටියේ ඉන්ද්‍රානන්ද හිමියන් විසින් මෙම ස්ථානය ආරක්ෂා කරගෙන ආගමික කටයුතු සිදු කරමින් වැඩ සිට උන්වහන්සේටද මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් ඉවත්ව ඇත. වත්මන් විහාරාධිපති වහන්සේ වන්නේ හබරකඩ කුසලානන්ද හිමිපාණෝය.

උන්වහන්සේ මෙසේද පැවසීය. මේ පුරාවිද්‍යා භූමියේ තිබූ චෛත්‍යය ඇතුළු ස්ථාන කිහිපයක් විනාශ කරල තිබිච්ච සම්පත් අරගෙන. අක්කර 25කට වැඩිය ඇති භූමියේ සෙල්මුවා ගල් කණු, මුරගල්, සඳකඩ පහණ, පෞරානික වෙහෙර විහාර දාගැබ් පොළව යට තිබෙනවා. පාදම් මතු වෙලා. මහා ගල් පර්වත මුදුනත පිහිටි චෛත්‍යය වළගම්බා රජ දිය පරිහරණය කළ විශාල පොකුණ, සෙල් ලිපි ආදිය මතුපිට දකින්න පුළුවන්. නිධන් වස්තු පැහැර ගත් ස්ථාන බොහොමයක් තියෙනවා. මේවා ආරක්ෂා කර දෙන්න කියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඇවිත් බලලා ගියා විතරයි. ආරක්ෂාව දෙන්න කියා පොලිසියෙන් ඉල්ලුවා පලක් නැහැ. විහාර භූමියේ ඉඩම් විශාල ප්‍රමාණයක් පිටස්තරයින් අල්ලා ගෙන සිටිනවා. මේ ස්ථානය ආරක්ෂා කරන්න බේරගන්න ගිහින් ආරම්භක හාමුදුරුවෝ ඝාතනයට ලක් වුණා. මටත් නිතර නිතර මරණ තර්ජන කරනවා.

මා මරා දැමීමට පෙර අනාගතයේ දරුවන් වෙනුවෙන් මෙම පුදබිම ආරක්ෂා කරන්න!

පසුගිය දිනක එක් පුද්ගලයකු මාව කැත්තකින් කපා මරන්න ආවා. මම බොහොම අමාරුවෙන් දිවි ගලවා ගත්තේ. පොලිසියට පැමිණිලි කළා උදේ අල්ලලා සවස එළියට දැම්මා.

මේ ස්ථානය අත්පත් කරගන්න පුරාවිද්‍යා සම්පත් ටික පැහැර ගන්න කණ්ඩායමක් උත්සාහ කරනවා. ඒවාට දේශපාලකයින්ගේ සහ පොලිසියේ ආශිර්වාදය ලැබෙනවා. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ලොකු හාමුදුරුවෝ ඝාතනය කළා වගේ මමත් මරන්න කලින් මේ ස්ථානයට ආරක්ෂාව දෙන්න කියලා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානය කැණීම් කටයුතු කරල සංරක්ෂණය කළ යුතුයි.

ඇඹිලිපිටිය – සේන වී ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment