සංචාරක වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළේ

1261

වැල්ලවාය – කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද පොලිස් බලප්‍රදේශයට අයත් හීවල්කදුර ප්‍රදේශයේ දී සංචාරකයන් රැගත් වෑන් රථයක් අද උදෑසන මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථයේ රියදුරු සහ සංචාරකයන් සිව්දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නැතැයි වාර්තාවේ.

වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment