ලංකාවේ සමාගම් ලක්‍ෂ එකහමාරක් තිබුණත් බදු ගෙවන ෆයිල් තියෙන්නේ විසිදාහයි – හිටපු මුදල් ඇමැති රවී කරුණානායක

55

පරණ අයට ඉඩදී ක්‍රිකට් දූෂණ නැති කරන්න

රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ නැතිකර පරිණත ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් එය ශක්තිමක් කිරීමට පියවර ගත යුතු බවත් හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.

අද වනවිට අපේ රට අඳුරු කාල පරිච්ඡේදයක ගමන් කරන අවස්ථාවක රටේ ආර්ථිකය කඩාවැටී තිබුණු අවස්ථාවේ ඒකට යම් පුනර්ජීවයක් ලැබිලා යන මොහොතකයි අපි සිටින්නේ. ලබන වර්ෂය මැතිවරණ වර්ෂයක් බවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බවද හිටපු ඇමැතිවරයා පැවසීය. ඔහු මෙම අදහස් පළකළේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ පැවති විශේෂ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අපේ රට පැවැති අඳුරු යුගයෙන් යම් තරමකට ඉදිරියට ගෙනැත් තිබෙනවා. ඒක ලෙහෙසි ගමනක් නෙමෙයි. අපේ රට හැමදේම නිකං දෙනවට වඩා ස්වාධීනව මහන්සිවෙලා වැඩකළා. ආර්ථීකය ශක්තිමත් කරගත යුතුයි. අද කම්පැනි ලක්‍ෂ එකහමාරක් රටේ තිබුණත් බදු ගෙවන ෆයිල් තියෙන්නේ විසිදාහයි. මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment