වැට් බදු මුවාවෙන් නැති රකුසෙක් මවන අයට නීතිය තදින් – සාගල රත්නායක

142

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශ්වවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දු ගෙන, නීතියෙන් කටයුතු කරන බව ද ඔහු කීවේය. වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ජනතාව අතර සාවi මත සමාජගත කර ඇති බව රජය පවසයි.

වැට් බද්ද මුවාවෙන් නැති රකුසෙක් මවලා ජනතාව කුපිත කරලා අවුල් කරන්න යන අය ගැන දැඩි තීන්දු අරගෙන නීතිය තුළ කටයුතු කරන බවද, වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සාගල රත්නායක මහතා තවදුරටත් කියා සිටියේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment