විදේශ ණය පියවීම අත්හිටුවීම ව්‍යවස්ථා උල්ලංඝනයක් ද?

294

මේ සම්බන්ධයෙන් දැනටමත් රටේ තියෙන පුරවැසියන්ගේ අයිතිවාසිකම් යටතේ ඔබ හැමටම මතක ඇති පසුගිය කාලයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියල, ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් කරා කියල ඒක අපි සුප්‍රීම් උසාවියේ එනම් ඉහළම උසාවියට ඒ සම්බන්ධයෙන් යම් කිසි පෙත්සමක් ඉදිරිපත් කරා. මට මතක විදියට ආනන්ද සාගර ස්වාමින්වහන්සේ සහ රවී කුමුදේශ් කියන ඒ සිවිල් සංවිධාන නියෝජනය කරන දෙදෙනෙක් පෙත්සම් ඉදිරිපත් කරා. ඒ ගැන ඉහළම අධිකරණය, සුප්‍රීම් උසාවිය ඒ ගැන කරුණු සොයා බලල එය ප්‍රතික්ෂේප කළා දැනට කාලයකට පෙර. ඒක මම දකින්නේ ඉතා ධනාත්මක පියවරක් ලෙස. ඒ වගේ දේවල් කිරීමෙන් තමයි ජනතාවට දැනගන්න පුළුවන් වෙන්නේ මේ කටයුත්ත ව්‍යවස්ථා විරෝධී ද නීති විරෝධී ද කියල.

2022 අප්‍රේල් 12 වැනිදා එවකට පැවති රජය විසින් විදේශ ණය පියවීම තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශයට පත් කළේය. මේ සිදුවීම සම්බන්ධයෙන් එදා සිට මේ දක්වාම විවිධ අදහස් පළවෙමින් තිබේ. රටේ මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් ඇතැම් අය පවසනුයේ මෙය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවටයි. මේ බවට ඇතැම් දේශපාලනඥයින් දෙඩෙව්වාට සහ පාර්ලිමේන්තුවේ කාරක සභාවලට පැමිණ සාක්ෂි දුන්නාට ඵලක් නැත. ඒ සම්බන්ධයෙන් තීරණය කළ හැක්කේ උත්තරීතර අධිකරණයට පමණි. එසේ නම් කළ යුත්තේ කුමක් ද? මේ ගැන ප්‍රකාශ කර කර ඉන්නවා වෙනුවට උසාවිය හමුවට ගොස් කරුණු ඉදිරිපත් කිරීමයි. එවිට සෑම පාර්ශ්වයකටම කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර ඒ කරුණුවලට සවන් දීමෙන් පසුව ඒ ගැන උත්තරීතර අධිකරණය විසින් රටේ පවතින නීතියට අනුව තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ඇත. එවිට ඒ අනුව කටයුතු කිරීමට හැකියාව ලැබේ. එසේ නොකර ඇතැම් මහජන නියෝජිතයන් මේ කරන්නේ මොනවා ද යන ප්‍රශ්නය අපට මතු වේ.

2022 අප්‍රේල් 12 වැනිදා එවකට පැවැති ගෝඨාභය රාජපක්ෂ රජය විසින් සිය විදේශීය ණය පියවීම අත්හිටුවා ඇති බව ප්‍රකාශ කළ නිවේදනයේ මාතෘකාව ලෙස සඳහන් වූයේ “ශ්‍රී ලංකාවේ විදේශීය රාජ්‍ය ණය සේවාකරණය සම්බන්ධ අන්තර්කාලීන ප්‍රතිපත්තිය” යන්නයි. 2022 වසරේ අප්‍රේල් මස 12 වන දින මෙය මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළත් අප දන්නා තරමින් මෙය රජයේ තීරණයකි. රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කරන කාරක සභාවට පැමිණ ඇතැමුන් මේ සම්බන්ධයෙන් විවිධ සාක්ෂි ලබා දී ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. ඉදිරියේ දී තවත් සාක්ෂිකරුවන් ද එම කාරක සභාවට කැඳවා මේ ගැන කරුණු විමසිය හැකිය. මේ ගැන සාක්ෂි ලබාදිය හැකි මේ ගැන දන්නා හොඳම තිදෙනෙකු වන්නේ එවකට සිටි මුදල් ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන තිදෙනා බව අපගේ අදහසයි. කෙසේ හෝ මේ විදේශ ණය පියවීම අත්හිටුවීමේ තීරණය සම්බන්ධයෙන් තවමත් විවිධ අය විවිධ දේශපාලන කතා කියමින් සිටීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය සඳුදා (25) ඉතා පැහැදිලි ප්‍රකාශයක් කළේය. එය සිදු කළේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පැවැති මේ ලියුම්කරුගේ ‘ආර්ථික ඝාතනය’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් අදහස් දක්වමිණි. මේ අවස්ථාවේ දී මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතා මෙන්ම බද්දේගම, ගනේගම දුටුගැමුණු රජමහා විහාරාධිපති පූජ්‍ය වැලිවිටියේ සුමන නාහිමියන් ද අදහස් ප්‍රකාශ කරන ලදි. මෙයින් මහ බැංකු අධිපතිවරයාගේ කතාවට වැඩි මාධ්‍ය අවධානයක් ලැබිණි. ඒ අනුව මෙවර ‘ආර්ථික ඇසින්’ තීරුව වෙන් වන්නේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිදු කළ එම ප්‍රකාශයට ය.

2022 අප්‍රේල් 12 වැනිදා අපට විදේශ ණය ගෙවීමේ හැකියාව නැති බව රජය මගින් ප්‍රකාශ කරන විට එදා සිට මේ දක්වා කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් විවිධ මත මේ වන විට ප්‍රකාශ වෙලා තියෙනවා. විවිධ විවාද තිබිල තියෙනවා. ඒක හොඳයි ජනතාව දැනුවත් වීමට. එතැනදී ඒ විවාදවලට ඔහුගේ දායකත්වය මේ පොතින් (ආර්ථික ඝාතනය) ලබා දීල තියෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන දැනට අලුතින්ම මත දැක්වීමක් තියෙනවා. එනම් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරල මේවා කරලා කියල. මම දැක්ක පසුගිය දවස්වල යම් යම් මත පළ වෙලා තිබුණ. ඒ වගේ අවස්ථාවක දී මම හිතන්නේ… ඒ සාකච්ඡාව හොඳයි. මගේ අදහසේ විදියට යම් කිසි කෙනෙක් කිසිම ආකාරයකින් මේ රටේ රාජ්‍ය නිලධාරියෙක් සහ මේ රටේ දෙස්පාලන බලධාරියෙක් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්නම් ඒ සඳහා නීත්‍යානුකූලව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරපු අයට විරුද්ධව අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගැනීම ඒ බලධාරීන්ගේ අයිතියක් සහ කළ යුතු දෙයක්. ඒකට මම මහ බැංකු අධිපති ලෙස එයට සම්පූර්ණ සහාය දෙනවා. යම් කිසි කෙනෙක් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්නම් හිටපු ජනාධිපතිතුමා හෝ හිටපු මුදල් ඇමැතිතුමා හෝ හිටපු බලධාරීන් හෝ දැනට සිටින බලධාරීන් විශේෂයෙන් මේ ණය ගෙවීමට ඇති නොහැකියාව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්නම් වහාම ඒ ගැන පරීක්ෂණයක් කරලා අවශ්‍ය දේවල්, නීතිමය කටයුතු කරන්න කියන එකට, මම ඉතාම විවෘතව, ඉතාම කැමැත්තෙන් ප්‍රකාශ කරන්න ඕන. ඒ සඳහා දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි මහ බැංකුව වශයෙන් ලබා දෙනවා. මට හොඳ විශ්වාසයක් තියෙනවා මුදල් අමාත්‍යාංශයත් සහාය ලබා දෙයි. ඒ ගැන කටයුතු කිරීම හොඳයි.

එක උදාහරණයක් කියන්න ඕන. මේ සම්බන්ධයෙන් දැනටමත් රටේ තියෙන පුරවැසියන්ගේ අයිතිවාසිකම් යටතේ ඔබ හැමටම මතක ඇති පසුගිය කාලයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියල, ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් කරා කියල ඒක අපි සුප්‍රීම් උසාවියේ එනම් ඉහළම උසාවියට ඒ සම්බන්ධයෙන් යම් කිසි පෙත්සමක් ඉදිරිපත් කරා. මට මතක විදියට ආනන්ද සාගර ස්වාමින්වහන්සේ සහ රවී කුමුදේශ් කියන ඒ සිවිල් සංවිධාන නියෝජනය කරන දෙදෙනෙක් පෙත්සම් ඉදිරිපත් කරා. ඒ ගැන ඉහළම අධිකරණය, සුප්‍රීම් උසාවිය ඒ ගැන කරුණු සොයා බලල එය ප්‍රතික්ෂේප කළා දැනට කාලයකට පෙර. ඒක මම දකින්නේ ඉතා ධනාත්මක පියවරක් ලෙස. ඒ වගේ දේවල් කිරීමෙන් තමයි ජනතාවට දැනගන්න පුළුවන් වෙන්නේ මේ කටයුත්ත ව්‍යවස්ථා විරෝධී ද නීති විරෝධී ද කියල. එසේ ඉහළම අධිකරණය මේ ගැන තීරණය කරාම එතනින් පස්සේ ඒ කටයුත්තේ නීතිමයභාවය එතනින් පැහැදිලි වෙනවා. නමුත් ඊට පසුවත් තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් අවශ්‍ය නම්, අමතර කරුණු තියෙනවා නම් ඒ වෙලාවේ ඉදිරිපත් නොකළ දේවල් ඉදිරිපත් කරලා කටයුතු කිරීම සම්බන්ධව ක්‍රියාත්මක කිරීම ඒවා ප්‍රකාශ කරන අයගේ වගකීම. ඒකට ඇත්තවශයෙන්ම අපට නිලධාරීන් ලෙස කරන්න දෙයක් නෑ. අප කැමැතියි ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා… චෝදනා කරනවට වඩා ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම. මම හිතන්නේ අපි හැමෝම මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව විසින් ඒ සඳහා දිරි ගැන්වීමක් කළ යුතුයි.

දෙවන කාරණය මම කියන්න කැමැතියි දැන් මේ හැම ක්‍රියාවලියේදීම අප දකිනවා රටේ තියෙන සිවිල් නීතිය යටතේ… විශේෂයේ එය හොඳ වැදගත් ප්‍රවර්ධනයක්. දැන් අපි දැක්ක පසුගිය කාලයේ මහ බැංකු පනත ඊට පස්සේ අර ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විශ්‍රාම අරමුදල්, ඊපීඑෆ් වගේ ඒවා සම්බන්ධව තියෙන යෝජනා, ඊට පස්සේ බදු ප්‍රතිපත්තිය ගැන තියෙන යෝජනා. ඒ වගේ දේවල්වලදී හැම තිස්සෙම සිවිල් සංවිධාන නියෝජිතයින් වෘත්තීය සමිති නියෝජිතයින් ඒ සඳහා විවිධ වෘත්තිකයන්ගේ පර්යේෂණ ආයතනවල අදහස් ප්‍රකාශ කිරීම තුළින්, ඒ සඳහා එකඟත්වයක් නැත්නම්, ඒ සඳහා නියම නීත්‍යානුකූල ආකාරයට සුප්‍රීම් උසාවියේ පෙත්සම් ඉදිරිපත් කරලා ඒ සඳහා කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව දීල ඒ අයටත් අපටත්… යම් කිසි ආකාරයට නීතිමය ආකාරයට කටයුතු කරල අවසානයේ දී ඉහළම අධිකරණය විසින් පාර්ලිමේන්තුව සහ විධායකය අනුමත කිරීමට පෙර අධිකරණය මගින් ඒ සියලුම කරුණු සලකා බලල යම් යෝජනා ඒවා නිවැරදි ද එහෙම නැත්නම් වෙනස්කම් කළ යුතු ද…. අපි දැක්ක විශේෂයෙන් මහ බැංකු පනතේ ඒ වගේ යම් වෙනස්කම් කරලා තියෙනවා. ඒවා ඉතාමත්ම වැදගත් යම් කිසි ධනාත්මක පියවරවල්. ඒ සඳහා අපි සම්පූර්ණ සහාය දෙන්න ඕන. ඒක රටේ තියෙන නීතිය යටතේ හැමෝටම තියෙන අයිතියක්. එතැනදී යම් කිසි ආකාරයකට නොකළ යුතු දෙයක් තමයි නීතිය තමන්ගේ අතට ගෙන ප්‍රචණ්ඩ ක්‍රියා තුළින් ඒ සඳහා විසඳුම් ලබා ගැනීම මම හිතන්නේ ඒක අපි කව්රුත් අනුමත කරන්නේ නෑ. ඒක මම කියන්න හේතුව එකක් ප්‍රධාන වශයෙන් සඳහන් කරන්න ඕන පළවෙනි කාරණය… අපි කරපු ඒ ණය තාවකාලිකව අත්හිටුවීමේ ප්‍රකාශය කරපු නිසා තමයි කියල මතයක් පළ වුණා රටේ අරගලයක් ක්‍රියාත්මක වෙලා දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තැබීමට හේතු වුණේ මෙන්න මේක කියල. අපි හිතමු ඒක අදහසක් විදියට විවාද කරන්න පුළුවන්, වරදක් නෑ. නමුත් අපේ ජනතා නියෝජිතයන් කියන සමහර අයගෙන් ප්‍රකාශ වුණා ඒක නිසා අපේ ගෙවල් ගිනි තියන්නේ නැතුව අන්න අර රජයේ නිලධාරීන්ගේ ගෙවල් ගිනි තියන්න කියල මින් ඉදිරියට. එතකොට මොකක්ද ඒ දෙන පණිවිඩය ජනතා නියෝජිතයන් විදියට. ප්‍රචණ්ඩත්වය මගින් මේක විසඳා ගන්නවා ද එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වය තුළින් මේක විසඳගන්න ජනතාවට ආරාධනා කරනවා ද ජනතා නියෝජිතයින් වශයෙන් තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ. එතැනදී විශේෂයෙන් මම සඳහන් කරන ඕන මහ බැංකු අධිපති වශයෙන් ඔබ හැමට මතක ඇති පසුගිය අවුරුද්දේ මැයි 09 වැනිදා මේ රට තුළ යම් කිසි ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් තුළින් මේ ආකාරයේ ක්‍රියා වෙනකොට මම විවෘතව මාධ්‍යයේ ප්‍රකාශ කරා රට තුළ මේ වගේ ප්‍රචණ්ඩත්වයක් ඇති වෙනවා නම් සහ නීතිය සාමය නොමැතිව යම් දේවල් සිද්ධ වෙනවා නම් මම හෝ කිසිම කෙනෙක් මහ බැංකු අධිපති විදියට සිටීමට කැමති වන්නේ නැහැ. ඒ නිසා මම සතියක් තුළ ඉල්ලා අස්වෙන බව එවකට සිටි ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ එතුමා පැවසුවා කලබල වෙන්න එපා පවතින තත්ත්වය සමනය කරන්නම් කියලා. ඉදිරියේ දී මම හිතන්නේ අපේ ජනතාව යම් කිසි ආකාරයක තීන්දුවක් ගන්න ඕන මොන වගේ නියෝජිතයන් ද ඔබතුමාලා පත් කරන්න ඕන කියල. ප්‍රචණ්ඩත්වය උනන්දු කරවන අය ද , නැත්නම් රටේ නීතිය හා සාමය තුළ පාර්ලිමේන්තුව, විධායකය සහ අධිකරණය ආදියෙන් සාකච්ඡාමය ලෙස ප්‍රශ්න විසඳන්න හැකි පිරිසක් ද යන්න තීරණය කළ යුතුයි.’

2022 අප්‍රේල් 12 වැනිදා විදේශ ණය ගෙවීමේ හැකියාව නැති බවට රජය මගින් ප්‍රකාශයට පත් කිරීම ව්‍යවස්ථා උල්ලංඝනයක් බව ඇතුළු මේ සම්බන්ධයෙන් විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා මෙම ප්‍රකාශය මගින් සිය ස්ථාවරය ඉතා පැහැදිලිව රටටම ප්‍රකාශ කර ඇත. ඒ අනුව මේ ගැන විවිධ දේශපාලන කතා කියන අයට දැන් උසාවිය හමුවට ගොස් තමාට ඒ සම්බන්ධයෙන් තවදුරටත් පවතින කරුණු (මීට පෙර ද මේ සම්බන්ධයෙන් උසාවිය හමුවට ගොස් ඇත.) ඉදිරිපත් කර උසාවියෙන් තීන්දුවක් ගැනීමට කටයුතු කළ හැකි අතර ඒ සඳහා මහ බැංකුවේ පූර්ණ සහාය දෙන බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. මෙය ඉතා වටිනා ප්‍රකාශයකි. මහ බැංකු අධිපතිවරයා විසින්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ. සාමාන්‍යයෙන් අප දන්නා තරමින් තමන්ට එල්ල වන චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස හෝ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙවැනි ඉල්ලීමක් යම් අයෙක් කරන්නේ නම් ඒ ඉතාම කලාතුරකිනි. එය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් සිදු කර තිබේ. එය අප ඉතා අගය කරමු.

අපේ රට ආර්ථික අගාධයකට ඇද වැටී තිබෙන මොහොතක අප කළ යුත්තේ කුමක්ද? ජනතා නියෝජිතයින් කළ යුත්තේ කුමක්ද? රට තිබෙන තැනින් යම් මට්ටමින් හෝ ඔසවා තැබීම නොවේ ද? ඒ සඳහා තමන්ට කළ හැකි පොඩිම හෝ සහායක් ලබා දීම නොවේද? රජයේ, මුදල් අමාත්‍යාංශයේ හෝ මහ බැංකුවේ හෝ වෙනත් ඕනෑම දෙයක වැරදි අඩුපාඩු පෙන්වා දීමේ කිසි වරදක් නැත. එය අපිත් කරමු. එහෙත් ඒ වෙනුවට දේශපාලන පන්දු කෙළිමින් මේ ආර්ථික අගාධයෙන් රට ගොඩ ගැනීමේ ක්‍රියාවලියට බාධා කිරීම සුදුසු දෙයක් නොවන බව අපගේ අදහසයි. අපගේ භාවිතා කළ හැකි විදේශ සංචිත සිඳී ගොස් විදේශ ණය ගෙවාගත නොහැකිව රට බංකොලොත් වූ නිසා පසුගිය වසරේ (2022) මේ රටේ ජනයා විඳි දුක කිසිවෙකුටත් අමතක නැත. ඒ තත්ත්වයට යළි අපේ රට පත්වෙනවාට කිසිවෙක් කැමැති වනු ඇතැයි අපට සිතිය නොහැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment