විදෙස් ශ‍්‍රමිකයන් එවන සෑම ඩොලරයකටම රු. 20ක අතිරේක දීමනාවක්

388

විදේශ ශ‍්‍රමිකයන් ශ‍්‍රී ලංකාවට එවන ඇමරිකානු ඩොලරයකට රු. 20 ක අතිරේක දිරි දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

විදේශ රැුකියා නියුක්තිකයන්් දිරි ගැන්වීම සඳහා රජය විසින් එළඹෙන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් මෙම දීමනාව ඉහළ නැංවීමට තීරණය කළ බව ද එම අමාත්‍යාශය පවසයි.

විදේශ ශ‍්‍රමිකයන් විදේශ මුදල් රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසු එසේ පරිවර්තනය කරන ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් මෙම රු. 20 ක දිරි දීමනාව රජය මගින් ලබාදෙන බව ද මුදල් අමාත්‍යාංශය තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment