කෑගල්ලම යටවෙයි ගෙවල්වල බඩු භාණ්ඩත් ගසාගෙන යයි

7927

කෑගල්ලට 19 වන දින පැවැති අධික වර්ෂාව නිසා නගරය ජලයෙන් යට වූ අතර මාර්ගවල නවතා තිබූ මෝටර් රථ ත්‍රිරෝද රථ හා නිවෙස්වල තිබූ භාණ්ඩද ජල පහරට හසුවී ගසාගෙන ගොස් තිබිණ.

සමහර ත්‍රිරෝද රථ ලණුවලින් ගැට ගසා බැඳ තිබූ අතර රෙදි සෝදන යන්ත්‍ර ඇළ පහළට ගසා ගෙන ගොස් තිබිණ.

කෑගල්ල බණ්ඩාරනායක මාවතේ නාය යෑමක් හේතුකොටගෙන මාර්ගය එම කොටස සම්පූර්ණයෙන්ම වැසී යෑම නිසා ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී තිබීම නිසා පාසල් දරුවන් මහත් අපහසුතාවයකට පත් වී සිටියේය.

කෑගල්ල නගර සභාව හා පොලිසිය එක්ව මාර්ගයේ පස් හා ගස් ඉවත් කිරීමට කටයුතු යොදා ඇත.
කෑගල්ල – එම්. බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment