කොළොම්බියානු ජනපතිවරයා රැගත් හෙලිකොප්ටරයට වෙඩි ප‍්‍රහාර හිටපු ෆාක් ගරිල්ලන් දස දෙනෙක් අත්අඩංගුවට

277

කොළොම්බියා ජනපති අයිවන් ඩුකිව් ගමන් කළ හෙලිකොප්ටර් යානාවට ප‍්‍රහාර එල්ල කර ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හිටපු ෆාක් ගරිල්ලන් 10 ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙලිකොප්ටර් යානාවට වෙඩි වැදී තිබූ බව විමර්ශනවලදී හෙළි වී තිබේ. වෙනිසියුලාවේ සිටින ෆාක් ගරිල්ලා නායකයන් මෙම ඝාතන සැලසුම දියත් කර තිබුණි. කොළොම්බියාවේ කියුකියුටා නගරය වෙත පැමිණෙන අවස්ථාවේ ජනපති සහ නිලධාරීන් රැුගත් හෙලිකොප්ටරයට වෙඩි ප‍්‍රහාර එල්ල වී ඇත.අත්අඩංගුවට ගත් හිටපු ගරිල්ලන් අතර කොළොම්බියානු හමුදාවේ සේවය කළ හිටපු හමුදා කපිතන්වරයකු ද වේ. මේ අතර හිටපු ෆාක් ගරිල්ලන්ට වෙනිසියුලාවේ රැුකවරණ දීම ගැන කොළොම්බියා රජය වෙනිසියුලානු ජනපති නිකුලස් මාදුරෝට චෝදනා කර ඇත.

colombiya2
advertistmentadvertistment
advertistmentadvertistment