පුංචි ඡන්දයේ අභියෝග මැ.කො.ස හෙට පක්‍ෂ ලේකම්වරුන් හමුවෙයි

118

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එරෙහිව එල්ල වී ඇති අභියෝග පිළිබඳ හෙට (14 දා) පෙරවරු 10.00 ට පක්‍ෂ ලේකම්වරුන් සමග සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඊයේ (12 දා) පැවසීය.

මේ සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ පක්‍ෂවල ලේකම්වරුන්ට කැඳවීම් කර ඇති බවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කොමිසමට නිසි ලෙස මුදල් නොලැබීම ඇතුළු ගැටලු පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කරන බවත් හෙතෙම පැවසීය.

කොමිසමේ මූලික කටයුතු කරගෙන යෑම සඳහා රුපියල් මිලියන 770 ක් ඉල්ලා සිටි අතර ඉන් මිලියන 100 ක් පසුගිය සතියේ ලැබී තිබූ බවත් පැවසූ පුංචිහේවා මහතා මැතිවරණයට නිසි ලෙස මුදල් නොලැබෙන්නේ නම් ඊට එරෙහිව කොමිසමට මෙන්ම පෞද්ගලික පාර්ශ්වයකට වුවත් අධිකරණය හමුවට යෑමේ හැකියාව පවතින බවත් අවධාරණය කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment