පළමු පන්දුවෙන් සංගාව දවා ගත් ලයන් දැන් 500 යි

266

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් ටෙස්ට් කඩුලු 500 සීමාවට අවතීර්ණ වී ඇත.

පකිස්ථානය සමග ඊයේ නිමාවූ තරගයේදී ලයන් එම සීමාවට අවතීර්ණ වූ අතර මේ වනවිට ඔහු ටෙස්ට් තරග 123 කදී කඩුලු 501ක් දවාගෙන ඇත.

මුත්තයියා මුරලිදරන්ට පසුව ටෙස්ට් කඩුලු 500 සීමාව ඉක්මවා ගිය දෙවැනි පිට දඟ පන්දු යවන්නා ලයන් වන අතර වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් අතර 8 වැනි ස්ථානය ඔහුට හිමි වී තිබේ.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 500 සීමාව ඉක්මවා ගිය තෙවැනි පන්දු යවන්නා වන ලයන් සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ 2011 වසරේ ගාල්ලේදීය. එහිදී යැවූ පළමු පන්දුවෙන්ම සුපිරි පිතිකරු කුමාර සංගක්කාරගේ කඩුල්ල දවා ගැනීමට ලයන් සමත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment