දුවට නරක එස්. එම්. එස්. ගැහුවා කියා අම්මයි තාත්තායි කොල්ලකු පැහැරගෙන

1157

වේයන්ගොඩ ටියුෂන් පංතියක හුටපටයක්:

වේයන්ගොඩ ප‍්‍රදේශයේ 16 හැවිරිදි උපකාරක පංතියක සිසුවකු එම පන්තියේ සිසුවියකගේ දෙමාපියන් විසින් පැහැරගෙන යෑමේදී අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප‍්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළකි. තරුණයා පැහැර ගැනීම සිදුකළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ සිසුවා සිය ජංගම දුරකථනය මගින් සිසුවියගේ ජංගම දුරකථනයට පරුෂ වචන යවමින් (එස්.එම්.එස්* සිසුවියට සිදුකරන ලද අඩත්තේට්ටම් හේතුවෙන් එම සිසුවියගේ දෙමාපියන් විසින් තරුණයා පැහැරගෙන ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

තරුණයා සිය ජංගම දුරකථනය විකිණීමට ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීමක් පළ කර තිබෙනු දුටු සැකකාර දෙමාපියන් එම ජංගම දුරකථනය තමන්ට මිලදී ගැනීමට අවශ්‍ය යැයි පවසා සිසුවා වේයන්ගොඩ ප‍්‍රදේශයට ගෙන්වාගෙන මෙසේ පැහැර ගැනීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ අත්තනගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර
 

advertistmentadvertistment
advertistmentadvertistment