ඉදිරි දින දෙකේ වැස්ස වැඩි වෙයි – කාලගුණේ කියයි

148

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණික තත්ත්වයට ඇතිකර තිබෙන බලපෑම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින දෙක තුළදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (17දා) සඳහන් කළේය.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 100 ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත්, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත්, වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාව පවතින බව ද පැවසේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment