සරසවි සම්මාන උළෙල 28 වැනිදා…

69

හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන සරසවිය සම්මාන උළෙල මේ මස 28 වැනිදා පස්වරු 6ට කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වීමට නියමිතය.

වසර 60ක් සපුරන සරසවිය පුවත්පත හා සරසවිය සම්මාන උලෙළ මෙවර පවත්වන්නේ 35 වැනි වරටය.

මෙවර සම්මාන පිරිනමනු ලබන්නේ 2019 වසරේ සහ 2020 වසරේ තිරගත වූ සිනමා පට සඳහාය. ඒ අතරින් වසර දෙකකදී ඉදිරිපත් කළ සිනමා පට 40 ක් සඳහා ජූරිය විසින් තෝරා පත් කරගන්නා ලද සම්මාන සමඟ සම්මාන 64ක් පිරිනැමීමට නියමිතය. මේ අනුව 2019 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට තිහ අතරින් 28 ක්ද 2020 තිරගත වූ චිත්‍රපට 12ක් ද සිනමා උළෙලේ ඒ ඒ වසරවලදී තරඟකාරි අංශයේ සම්මාන 24ක් උදෙසා වෙන වෙනම තරග වදිනු ඇත. එම සම්මාන පිරිනමනු ලබන්නේ ස්වාධීන ජූරි සභික මණ්ඩලයක් විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment