වඳුරු උණ හැදුණු අම්මායි දරුවායි අයි. ඩී. එච්. රෝහලට

73

මීට දින කිහිපයකට පෙරාතුව ඩුබායි සිට මෙරටට පැමිණි අයකුට වැළදී තිබූ චිකන් ෆොක්ස් හෙවත් වඳුරු උණ රෝගය ඔහුගේ බිරිඳට හා කුඩා දරුවෙකුට වැළදීම නිසා ඒ දෙදෙනා මේ වනවිට අයිඩීඑච් රෝහලට යොමු කර ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

මුලින්ම චිකන් ෆොක්ස් (වඳුරු උණ) රෝගය වැළදී සිටි ඩුබායි සිට පැමිණි පියා මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇතැයි ද ගුණවර්ධන මහතා කීය.

මීට දින තුනකට පමණ පෙර මවට සහ දරුවාට වඳුර උණ වැළදී ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මේ වනවිට අයිඩීඑච් රෝහලට යොමු කර සිටින බව ද ඒ මහතා පැවසීය.

මීට අමතරව මොවුන්ගේ සමීපතමයින් දෙදෙනකු ද මේ වනවිට හුදකලා කර ඇතැයි ද ඒ මහතා කීය.

චිකන් ෆොක්ස් හෙවත් වඳුරු උණ රෝගය පිළිබඳ කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් එය ශීඝ්‍රයෙන් බෝවන රෝගයක් නොවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. මෙම වසරේ මෙරටින් වඳුරු උණ වැළදුන රෝගීන් හමු වූ පළමු අවස්ථාව මෙය වන අතර ඉකුත් වසරේ නොවැම්බර් 03 වැනිදා ද මෙරටින් එක් රෝගියකු හමු වී තිබිණි.

ශිරාන් රණසිංහ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්ශිරාන් රණසිංහ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment