යාළුවෝද? යාළුයිද ළඟදීම…

252

ස්ටෙෆි සහ මිතුන් කියන්නෙ මොන්ටිසෝරි කාලෙ ඉඳන්ම හොඳම යාළුවො දෙන්නෙක්. දැන් එයාලා ඉන්නෙ වයස විසිගණන්වල. මේ වෙද්දි ස්ටෙෆී ඩිසයින් ස්කූල් එකක තමන්ගෙ පැෂන් එක වෙන ෆැෂන් ඩිසයින් ඉගෙන ගනිමින් ඉන්නෙ. මේ අතර තමයි ස්ටෙෆීට එයාගෙ කොලේජ් එකෙන් පැවරුමක් දෙන්නෙ, තමන්ගෙ කැමතිම සෙලිබි්‍රටි කෙනෙක්ට සවස් කාලයේ අඳින්න සුදුසු ඇඳුමක් ඩිසයින් කරන්න කියලා. මේ තරගයේදි තෑග්ග විදියට ලංකාවෙ ටොප්ම ඩියසින් හවුස් එකක ඉන්ටර්න්ෂිප් එකක් සඳහා අවස්ථාව හිමිවෙන්නයි තියෙන්නෙ. නමුත්, ස්ටෙෆීට පළවෙනි තුන්දෙනා අතරට එන්න බැරි වෙන නිසා මිතුන් ස්ටෙෆීව කැමති කරවගන්නවා එළඹෙන ජාතික විලාසිතා සම්මාන උළෙලදී (NFA) ස්ටෙෆී ඩිසයින් කරපු ඩේ‍රස් එක කෙළින්ම මිනෙලට අන්දවන්න.

ඇත්තම මේ චරිතවලට ඉදිරියේදී කුමක් සිදුවේවිද?. ඒ ගැන දැනගන්න යාළුවෝද යාළුයිද සිනමා සිත්තම නරඹන්නට සිදුවේ.

යාළුවෝද? යාළුයිද ළඟදීම…

ශ්‍රී ලංකාවේ ප්‍රථම විලාසිතා සිනමා සිත්තම ලෙසින් තිරයට එක්වන යාළුවෝද යාළුයිද සිනමා පටය තුළින් ආදරය හමුවේ තාරුණ්‍යය අත්විඳින මුහුණදෙන විවිධ ගැටලු හා හැලහැප්පීම් වත්මත් තරුණ පරපුර වෙත විවිධ කෝණයන් එස්සේ ගෙන ඒමට අධ්‍යක්ෂ දිල්ෂාර ජයමාන්න කටයුතු කර තිබේ. රසිත ජිනසේන මෙහි නිෂ්පාදකවරයා වේ.

ශෙරීන් විලිස්, එරාජ් ගුණවර්ධන, ධනු සින්නතම්බි, මාස් රමිල්, රොමෙයින් විල්ස්, සාරංග දිසාසේකර, යුරේනි නොෂිකා, නදීෂ් සිල්වා, දිනක්ෂි ප්‍රියසාද්, මීනා කුමාරි, කුමාර තිරිමාදුර, සාරා ඉල්ලියාස්, ජනිත් වික්‍රමගේ, නෙහාරා පීරිස්, මේනක රාජපක්ෂ, ටනාෂා හතරසිංහ, රොෂාන් රනවන, කුෂ්ලානි රණවන, ආකාෂ් පරණවිතාන, හිමාෂි විජේවීර, නවීන් ඉෂිකා දසනායක, එම්. ජී. පී. සමීර, මනීෂා සඳරගේ, තිසුරි කාරියවසම්, සහනි විජේකෝන් රංගනයෙන් දායක වේ. මාර්තු මස 10 වැනිදා සිට මෙම සිනමා සිත්තම මෙරට සිනමාහල්වල තිරගතවීමට නියමිතය.

යාළුවෝද? යාළුයිද ළඟදීම…

advertistmentadvertistment
advertistmentadvertistment